Friday, February 21, 2014

බිල් ගේට්ස් බිත්තර වවයි



ශාක ආධාරයෙන් කෘතිමව බිත්තර නිපදවන පුවතක් පසුගියදා අනාවරණය වුනා. ඒ අනුව මෙම කෘතිම බිත්තර, කේක් සහ බිත්තර කහමදය යොදා කරන බේකරි නිෂ්පාදන සදහා යොදාගත හැකි බව මෙම නව නිෂ්පාදනය ඉදිරිපත් කල ඇමරිකාවේ හැම්ප්ටන් කී‍්‍රක් සමාගම පවසනවා. ජොෂ් බාල්ක්, ජොෂ් ටෙට්රික් සහ ලිකා-ෂින්ග් යන අය එක්ව ආරම්භ කරන ලද හැම්ප්ටන් කී‍්‍රක් සමාගම දැනටමත් මෙම කෘතිම බිත්තර ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදය තුළ අලෙවි කරනවා.

කිසිම ආකාරයකින් කුකුළන් යොදා නොගෙන සිදුකෙරෙන නිෂ්පාදනය ඉදිරියේදී ලොව පුරාම ව්‍යාප්ත කිරීමට මෙහි නිෂ්පාදකයින් සූදානම් වනවා. ඊට අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියන 23 ක ආයෝජනයක්ද ඔවුන් වෙත මේ වන විට ලැබී තිබෙනවා. මේ සදහා මුදල් යෙදවූ පිරිස අතර සුප‍්‍රසිද්ධ පේපැල් සමාගමේ බිලියනපතියෙකු වන පීටර් තෙයිල් හා මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ද වනවා. එසේම ආසියාවේ ලොකුම පොහොසතා වන යාහූ සමාගමේ සම නිර්මාතෘ ජෙරී යැන්ග්ද මෙයට මුදල් යෙදවූවන් අතර සිටිනවා.
සමාගමේ නිර්මාතෘවරයෙකු සහ ප‍්‍රධාන විධායක නිලධාරී වන ජොෂ් ටෙට්රික් පවසන්නේ තමන්ට අවශ්‍ය වූයේ වඩාත් සෞඛ්‍යාරක්ෂිත හා කාටත් මිලදී ගතහැකි ආහාර නිෂ්පාදන සමීකරණයෙන් සතුන් ඉවත් කිරීමට තමාට අවශ්‍යවූ බවයි.

ඔහු පවසන ආකාරයට බිත්තරයක් සෑදෙන ආකාරය සම්පූර්ණයෙන්ම විස්මයජනකයි. එහි ජලය හා තෙල් ඇතුළු සියලු දේම අඩංගුවී තිබෙනවා. යම් නිෂ්පාදනයක් පිපීමටත් බිත්තර උදව් වෙනවා. ඒ අනුව මේ කාර්යයන් සිදුකල හැකි ශාකයක් පිළිබදව තමා ඇතුළු පිරිස වසර ගණනක් සෙවූ බව ටෙටි‍්‍රක් පවනවා.

No comments:

Post a Comment